ගැහැණිය ගනු දෙනුවක්

මම ගැහැණියක්,,, මාත් අපුරු කන්‍යාවියක් වෙලා හිට්යා. ඇත්තටම ඒ කලේ හරිම සුන්දර කාලයක් කිව්වොතින් මම නිවැරදියි කියලා මට හිතන්නෙ.
මොකද හැමොම මාව පරිස්සම් කලා.තනියම කොහේවත් අරින්නේ නැ.පිරිමි ලමයේක් කතා කලොත් ඇයි ,මොකද,ඔයවගේ ප්‍රශ්න කොටියයි……….මට මතක් වෙනකොට හිනාත් යනවා දුකත් හිතෙනවා…….

මොකද දැන් ඒ පරිස්සම ඇලියාවට ගිහිල්ලා.ටික කාලේකට කලින් බොහොම ගරු කටයුතු විදිහට පොරුවේ තියලා මාව ගැහැණියක් කලා..මගේ අයිතිය සම්පුර්ණයෙන්ම ස්වාම් පුරුෂය බාර කරලා.මෙක අලුත්ම තාලේ වෙළද ගනුදෙනුවක්.ගැහැණිය හරියට ලොකු ලාබයක් ගන්න හිතාගෙන ගොවියෙක් හිටවන බ්ජයක් වගේ.මොකද ඇත්තටම ලාබෙ ගන්නෙ වෙළෙන්දා.ඇයි ගැහැනුන්ට මෙහෙම උනේ.මෙක කොතනින් පටන් ගත්තද කියලා කාටවත් කියන්න බැ.හරිම පුදුමයි.ගැහැනුන් උපදින්නේ මොනාටද……කා වේනුවෙන්ද………කන්‍යාභාවය නම ඇති වෙළඳනාමය සඳහා………ද?

සංසාරෙන් මිදෙන තුරා

සංසාරෙන් මිදෙන තුරා

ඔබ දුටුව පළමු දින
බුලත් හුරුල්ලත් අතතැතිව පිය නැගුවේ
හෙළ සිරිතට……එදා දුටු ඔබේ නුවන්
ලියවුනා මගේ සිතේ
එ නුවන් පෙරහරින් සදානොවනස් වන ලෙසේ
බැදුනාය රන් හුයෙන්

කුලගෙදර අසිරිසර මා වටා රඟන විට
හිමියණි ඔබේ දෙපා නැමදුවේ සෙනෙහසින්
දසමසක් කුසදරා ඔබෙ දරුන් වැදු කල
නොදැනුනා වේදනා ඔබේ නෙතඟ දුටුව කල

මගේ දෙතනේ කිරි වලින් ඔබේ දරුන් රකින විට
දහඩියෙන් තෙත් වෙච්ච ඔබ ගෙදර වඩින විට
මගේ කුසගිනි නිවි ඔබේ බත බෙදෙනු ඇත.
අඟහිගත් තිබුන විට අපේ ගෙදර වැසෙන්නට
වෙනස් වෙන්නෙම නැ හිමියනේ මගෙ හද

දරුවනුත් දිග දි මිත්තනිය වෙලා අද
නොවෙනස්ව පෙනෙන්නෙ මට ඔබේ සොදුරු හද
දුකයි සැපතයි දෙකට මම ඔබේ ආදරිය
හැරමිටියේ වාරුවෙන් ඔබේ සුරතත් රෑගෙන
යන්නේ තව ටික දුරයි
වෙන්වෙන්න වෙනවමයි
මෙ භවේන් වෙන්වුනත් දුකක් නැ මගේ හිතට
නමදිමි ඔබේ දෙපා
සංසාරෙන් මිදෙන තුරාවට…….

මෙය මා ලියන විට මෙ යුවල වෙන් වෙලා වෙන්න පුලුවනි,මෙම ජායාරුව මා ගනිද්දි මාගේ සිත තදින් සසල විය. මන්ද අපට කාලීනව මෙවැනි යුවලක් මුන ගැසිම පුදුමයකි. නූතන සමාජයට නම් මෙය පුදුම හතෙන් එකකි…….

සොදුරු ඇරයුම

ඔබ කිසිදා දැක නැති
කිසිදා අසා නැති
ගැහැණියකගේ හදවත තුල ඉපදි
හදවත තුලම මිය යන
රිද්මය, වේදනාව, සතුට, රාගය
අනුරාගය,විදිම්,විදවිම, හා
නොඉදුල් ආදරය හදුනාගැනිමට 
තවත් ගැහැණියකගේ ඇසින් දකින්නට 
ගැහැණියකගෙන් මෙලොවට ජනිත වු ඔබ සැමට 
කරන ඇරයුමයි ……………